2023 පළමු පාසල් වාරය හෙටින් ආරම්භ වෙයි.

2023 වසර සඳහා පළමු පාසල් වාරය හෙටින් ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයට අනුව නව අවුරුදු නිවාඩුව සඳහා පාසල් වාරය අප්‍රේල් 4 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ. අලුත් අවුරුදු පාසල් නිවාඩුව අප්‍රේල් 16 දක්වා පවතී.

මේ බව දන්වමින් සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට සහ සියලුම පිරිවෙන්වල විදුහල්පතිවරුන්ට ලිපි යවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *