2023 දී ශ්‍රී ලාංකිකයන් 200,000 කට අධික පිරිසක් විදේශ රැකියා

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ මේ වසරේ මුල් මාස අට තුළ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවන බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමෙන් පසු ඊයේ (04) දිනය වන විට පුද්ගලයන් 200,026 දෙනෙකු රැකියා සඳහා විදේශ ගත වී ඇත.

පසුගිය වසරේ වැඩිම පිරිසක් (311,000) විදේශ රැකියා සඳහා පිටත්ව ගිය වසර ලෙස වාර්තා විය.

මේ වසරේදීත් විදේශ රැකියා සඳහා පිටත්ව යන පිරිස ලක්ෂ 3 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *