2021 වසරේ සිට 30,000ක් ආරක්ෂක හමුදා හැර ගියා: රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව හෙළි කරයි

2021 වසරේ සිට 30,000ක් පමණ ත්‍රිවිධ හමුදාව හැර ගොස් ඇති බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව ඊයේ අනාවරණය කළේය.

හමුදාවට ආහාර සපයන්නන්ගේ හිඟ ගෙවීම් පියවීම සඳහා යොදා ගැනීමට නියමිත රුපියල් බිලියන 16.5 ක පරිපූරක ඇස්තමේන්තුව භාරගත් අවස්ථාවේදී මේ බව අනාවරණය විය.

එක් ආරක්‍ෂක අංශ සාමාජිකයකුට දිනකට කැලරි කිලෝ 3400ක් ලබාදිය හැකි ආහාර අවශ්‍ය බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමට සහභාගි වූ ආරක්‍ෂක හමුදා නිලධාරීන් දැනුම් දුන්නා.

ආරක්ෂක අංශවලට අවශ්‍ය පෝෂණය ලබාදීම සඳහා ආහාර මිලදී ගැනීම අපහසු බව ඔවුන් රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට දැනුම් දී තිබුණා. රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව ප්‍රධානී හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කළේ එම අරමුදල් ඵලදායී ලෙස භාවිත කිරීම සහතික කළ යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *