2021 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මාසයේදී නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පැවසුවේ ප්‍රතිඵල නොවැම්බර් 25 වැනිදා නිකුත් කිරීමට දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බවයි.
2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ලකුණු කිරීම මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
2021 අපොස සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේදී දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,844කදී පැවැත්විණි.
විභාගයට පෙනී සිටි සිසුන් 517,486 දෙනා අතරින් 407,129ක් පාසල් සිසුන් වන අතර 110,367ක් පෞද්ගලික අයදුම්කරුවන් වේ.