20

20ට පක්ෂවු මන්ත්‍රීවරු නවයකට සමගියේ පුටු නෑ

20 වන සංශෝධනයට පක්ෂව ජන්දය භාවිත කළ පිරිස සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමෙන් නෙරපීමට තීරණය කොට ඇති බැවින් ඔවුන්ට පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන් පැනවීමේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමෙන් පරිබාහිරව ආණ්ඩු පක්‍ෂයේ අසුන් පැනවීමට කටයුතු කරන මෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කොට ඇහි බව වාර්ථාවේ.

ඒ සම්බන්ධයෙන් දැනුම් දෙමින් කතානායකවරයාට යැවූ ලිපියේ සඳහන් නම් මෙසේයි.

පහත නම් සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමෙන් නෙරපීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම විසින් තීරණය කොට ඇති අතර ඔවුන්ට පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන් පැනවීමේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමෙන් පරිබාහිරව ආණ්ඩු පක්‍ෂයේ අසුන් පැනවීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලමි.

ඩයනා ගමගේ
ඒ. අරවින්ද් කුමාර්
ඉෂාක් රහුමාන්
ෆයිසාල් කාසිම්
එච්.එම්.එම්. හාරීස්
එම්.එස්. තවුෆීක්
නසීර් අහමඩ්
ඒ.ඒ.එස්.එම්. රහීම්
එස්. එම්. එම්. මුෂාරෆ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *