බ්රහස්පතින්දා (22) පස්වරු 2.00ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව, අඩු පීඩන පද්ධතියේ බලපෑම අද දිනයේදී ද පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
බස්නාහිර, සබරගමුව, මධ්යම, උතුරු සහ වයඹ පළාත්වල මෙන්ම අනුරාධපුර සහ ගාල්ල දිස්ත්රික්කවල ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ප්රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති වීමේ හැකියාව පවතී.
දිවයිනේ සෙසු ප්රදේශවල ද පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක් තද වැසි ඇති විය හැකි බවත් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව ඇති විය හැකි තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අවශ්ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස ද ජනතාවට දැනුම් දී තිබේ.
මේ අතර, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ප්රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද අපේක්ෂා කෙරේ.


