සංවිධානාත්මක හා දරුණු අපරාධ කල්ලි නායකයෙකු වන ” මන්නා රමේෂ්” පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් අවිස්සාවේල්ල, ගුරුගල්ල හංදිය ප්රදේශයේදී සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පාතාල කල්ලි නායකයා මිනිමැරුම්, පුද්ගලයින්ට තියුණු ආයුධ වලින් පහරදීම්, කප්පම් ගැනීම්, බලහත්කාරයෙන් මැණික් පතල් ලබාගෙන මැණික් ගැරීම් වැනි අපරාධ සිදුකර සැගවී සිටි පුද්ගලයෙක්ය.
ඔහු අත්අඩංගුවට ගන්නා අවස්තාවේ ඔහු සතුව මෙරට නිෂ්පාදිත ගල් කටස් වර්ගයේ ගිනි අවියක්, ටී-56 වර්ගයේ ජීව උණ්ඩයක්, විදේශීය නිෂ්පාදිත අත් බෝම්බයක් සහ කඩු දෙකක් ද පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ.
තවද යුද හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය්ය බලකා නිළධාරින් විසින් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් වන අංගොඩ ලොක්කා සහ සෝල්ටා යන පාතාල නායකයන් හට අවි ආයුධ නිෂ්පාදනය කර ලබා දෙන ඔවුන්ගේ සමීපතම ගෝලයෙකු මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සහ ටී-56 වර්ගයේ ජීව උණ්ඩ 18ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අත්අඩංගුවට ගත් සැකකරු ජීව අත්බෝම්බයක් ළඟ තබා ගැනීම, වෑන් රථයක් පැහැර ගැනීම, මංකොල්ලකෑමේ නඩුවක් ඇතුළු වැරදි රාශියකට අධිකරණයෙන් දඬුවම් ලද අයෙක් බවට ඔප්පු වී ඇත.