ලබන 26 වන දින සිට ගුවන් ශ්‍රී ලංකාව නැවතත් ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා විවෘත කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.
මේ අනුව වාණිජ හා විශේෂ ගුවන් මෙහෙයුම් මුලින් ආරම්භ කිරීමට අවසර ලබා දී ඇත. කටුනායක මත්තල, යාපනය සහ මඩකලපුව යන ගුවන්තොටුපල මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට අවසර ලැබී ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කරමින් ඔවුන් පවසා සිටියේ පිලිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් පසුව නිකුත් කරන බවය.
තවද ජාත්‍යන්තර ගුවන්ගමන් සඳහා ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළ යළි විවෘත කිරීම පිළිබඳ ස්ථිර දින වකවානූ ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත්කරන බව ද සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සදහන් කලේය.