ශ්‍රි ලංකාවේ අලි මිනිස් ගැටුම සම්බන්ධව විසිදුම් සෙවීම වසර 60ක සිට සිදුවන නමුත් අද වන විට මෙම ගැටලුවට කිසිදු විසදුමක් නොමැතිව විශාල ගැටලුවක් බවට පත්ව ඇත.
පසුගිය වසරේ වාර්තා වලට අනුව අලි මිනිස් ගැටුම නිසා වැඩිම අලි ප්‍රමාණයක් මියගිය රට ලෙස ලංකාව පත්ව ඇත ඒ වසරකට මියයන අලි ඇතුන් ප්‍රමාණය සාමාන්‍යයෙන් 272 ක් වුවද පසුගිය වසර තුළදී අලිඇතුන් 407 දෙනෙකු මිය ගොස් තිබීම නිසාය මේ බව ගිණුම් කාරක සභාවේදී කමිටු සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා අනාවරණය කළේය.
තවද අලි මිනිස් ගැටුම නිසා මිනිස් මරණ වලින් ශ්‍රි ලංකාව දෙවන ස්ථානය ලබාගෙන ඇත. ඒ සාමාන්‍යයෙන් වසරකට මිය යන මිනිසුන් ගණන 85 ක් වුවද 2019 වසරේ මිනිසුන් 122 දෙනෙකු මියගොස් ඇති නිසාය.
මෙම ගැටලුවට ලබා දුන් ප්‍රායෝගික විසදුමක් ලෙස විදුලි රැහැන් ඇදීම පෙන්වා දිය හැකි වුවද මෙම විදුලි රැහැන් කි.මී.4211ක් දුරට ඉදිකර තිබුණද ඒවා නිසි ලෙස නඩත්තු නොකිරීමෙන් කෙටි කලක් තුළ අක්‍රීය වීම බලවත් ගැටලුවක් බව ද මෙහිදී හෙළිවිය.