මරාගෙන මැරීමට ප්‍රතිඥා දුන් අන්තවාදින් 21ක් අත්අඩංගුවට

ඉස්ලාම්  ආගම වෙනුවෙන් දිවි වුවද පුදන බවට ප්‍රතිඥා (බයිසත්) දුන් කාන්තාවක් හා අන්තවාදයට සම්බන්ද තවත් 21 දෙනෙකු ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන කොළඹට ගෙනෙවිත් ඇත.

සහරාන් හෂීම් යටතේ පුහුණුව ලැබ අන්තවාදී මත ප්‍රචාරය කළ කණ්ඩායම් සොයා ඇරඹී දීර්ඝ විමර්ශන වල ප්‍රතිථලයක් ලෙස මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම පිරිස සමාජ ජාලා මගින් ඉන්දියාවේ සිට අයි.එස්.අයි.එස්. මතවාද ප්‍රචාරය කරමින් අන්තවාදී ප්‍රහාර මෙහෙවන කණ්ඩායම් සමග  සම්බන්ධ වූ බවටද අනාවරණය වී ඇත.

සහරාන් හසීම්ගේ ජංගම දුරකථනය සම්බන්ධව කළ දීර්ඝ විමර්ශනයකින් මෙම සියලුම  ජාල පිළිබද තොරතුරු සොයාගෙන ඇති අතර. හත්සීයකට අධික පිරිසක් හදුනාගෙන ඔවුන්ගෙන්ද මූලිකත්වය ගෙන මෙලස අන්තවාදී මත පැතිරවූ 21 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මෙලස කටයුතු කර ඇත .

වයස අවුරුදු 18, 22 හා 48 කාන්තාවන්ද මෙම අත්අඩංගුවට ගත් කාන්තාවන් හය දෙනා අතරේ සිටින අතර ඔවුන් සහරාන්ගේ දේශන වලට සම්බන්ධ වූ අය මෙන්ම මරාගෙන මැරීමට ප්‍රතිඥා (බයිසත්) දුන් අයද වේ තවද මරාගෙන මැරුණු බෝම්බ කරුවන්ගේ බිරින්දෑවරුන් ද මේ අතර වන බව ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අණාවරණය කර ඇත.

මෙම අත්අඩංගුවට ගත් පිරිස 2018 සිට සහරාන් හෂීම් සමග සබඳතා පවත්වා දේශනවලට පවා සම්බන්ධ වී ඇති බවත් හෙළි වී ඇත. මෙහිදී අත්අඩංගුවට ගත් 21 දෙනා අතරින් 17 දෙනෙකු මඩකලපුවේ වන අතර ඔවුන් අතරින්  සිටි කාන්තාවන් වෙළෙඳසල් සේවිකාවන්, කුලී වැඩකරන්නන් වශයෙන් සේවය කළ කාන්තාවන් පිරිසක් වන අතර අනෙක් පිරිස, අම්පාර හා සයින්දමරුදු ප්‍රදේශවල පදිංචිකරුවන්ද වේ.

මෙම කණ්ඩායම හැසිරවූ සහරන්ගේ වට්ස් ඇප් ගිනුමේ නායකයා Admin පළමුව  කාත්තන්කුඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම මතවාද පතුරුවා හැරීම සදහා මොහු සහරාන් සමග එක්ව ඇත්තේ වයස 18දීය. එමෙන්ම ඉතිරි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මොහු හා සමාජජාල තොරතුරු මනා පිටුවහලක් වී ඇත.

මොවුන් පිළිබද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්නද අල්විස් යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *