2022 (2023) උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සමඟ සිසුන් 166,938 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
උසස් පෙළ විභාග ප්‍රතිඵල ඊයේ (4) නිකුත් කළ අතර www.doenets.lk හෝ www.results.exams.gov.lk යන නිල වෙබ් අඩවි ඔස්සේ ප්‍රතිඵල බලා ගත හැකිය.
මෙවර උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 263,933 දෙනෙකු පෙනී සිටි අතර විවිධ හේතූන් මත 84 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා තිබේ. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති 166,938 දෙනාගෙන් 149,487ක් පාසල් අයදුම්කරුවන් වන අතර ඉතිරි 17,451 පෞද්ගලික අයදුම්කරුවන් වේ.
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 96,995 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා නොමැති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඊයේ නිකුත් කරන ලද 2022 අ.පො.ස උසස් පෙළ විභාගයේ (2023) ප්‍රතිඵල සමඟින් ජීව විද්‍යා විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය මාතර සුජාතා විද්‍යාලයේ ප්‍රමෝදි මුණසිංහ ලබාගෙන ඇති අතර, භෞතික විද්‍යා විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ මනෙත් බානුල පෙරේරා හිමිකරගෙන ඇත.
දිවයිනේ හොඳම වාණිජ විෂය ධාරාව කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ කවිදිනී දිල්සරණි තරුෂිකා.
දිවයිනේ හොඳම ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සමුදිත නයනප්‍රිය.
තොරතුරු තාක්ෂණ විෂය ධාරාවෙන් දිවයින ප්‍රථම ස්ථානය දේවි බාලිකා විද්‍යාලයේ රුවිනි අහිංසා වික්‍රමරත්න.
ප්‍රතිඵල නිකුත් වී පැය 24ක් ඇතුළත සියලුම පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ට http://onlineexams.gov.lk/eic සබැඳියට පිවිසීමෙන් ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල පත්‍රයක් බාගත කර බලා ගත හැකිය.
මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් සියලුම විදුහල්පතිවරුන්ට පාසල් විභාග ප්‍රතිඵල ලේඛන බාගත කර ඔවුන්ට ලබා දී ඇති පරිශීලක නාමය සහ මුරපදය භාවිතා කර මුද්‍රිත පිටපතක් ලබා ගත හැකිය. සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට සහ කලාප අධ්‍යක්ෂවරුන්ට තම පළාතේ හෝ කලාපයේ සියලුම පාසල්වල ප්‍රතිඵල http://onlineexams.gov.lk/onlineapps/index.php/welcome/onlineresults යන සබැඳියෙන් ලබා දී ඇති පරිශීලක නාමය සහ මුරපදය භාවිතා කර බාගත හැකිය.
2022 (2023) උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට පමණක් නැවත 2023 උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවශ්‍ය නම්, https://onlineexams.gov.lk/eic සබැඳිය හරහා සැප්තැම්බර් 11 සිට 16 දක්වා ඒ සඳහා ඉල්ලුම් කළ හැකිය. .
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා https://onlineexams.gov.lk/eic සබැඳිය හරහා සැප්තැම්බර් 7 සිට 16 දක්වා අයදුම්පත් ඉදිරිපත් කළ හැක.