හෙට සිට බස් රථ ධාවනය සීමා කරන බව බස් හිමියන්ගේ සංගමය පවසයි

ඉන්ධන හිඟය හේතුවෙන් හෙට (28) සිට බස් රථ ධාවනය සීමා කරන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ අත්‍යාවශ්‍ය වේලාවන්ට ප්‍රමුඛත්වය දෙමින් සංශෝධිත කාලසටහනක් මේ වන විටත් අදාළ බලධාරීන් වෙත භාරදී ඇති බවයි.

“අපේ සාමාන්‍ය බස් රථවලට ප්‍රමාණවත් ඩීසල් නැහැ. සමහර ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නැහැ. IOC එක මිල වැඩි කරලා. ඒ නිසා ඒවායින් ඉන්ධන ලබාගන්න බැහැ. මේ නිසා ගමන් වාර ප්‍රමාණය අඩු කිරීමටත් කාර්යාල වේලාවන් තුළ බස් රථ ධාවනයට ප්‍රමුඛත්වය ලබා දීමටත් ඇතැම් ගමන් අවලංගු කිරීමටත් අපි තීරණය කර තිබෙනවා.

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ ඉන්ධන හිඟය ලංගම බස් රථ ධාවනයට බල නොපාන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *