ලිට්‍රෝ ගැස් සමාගම විසින් පාරිභෝගිකයන්ට බෙදා හැරිම සදහා නිකුත් කරනු ලබන ගෘහස්ථ ගැස් සිලින්ඩර් හැටන් ප්‍රදේශයේ ඇතැම් ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන් විසින් පාරිභෝගිකයන්ට ලබා නොදෙන බවට ලද පැමිණිල්ලක් මත පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් සහ හැටන් පොලිසියේ නිලධාරින් එක්ව (28) දින සොදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබුහ.
ලිට්‍රෝ ගැස් සමාගම විසින් (28) දින හැටන් ප්‍රදේශයේ අලෙවි නියෝජිතයන්ට ගෘහස්ථ ගැස් සිලින්ඩර් 350 පමණ නිකුත් කර ඇති අතර , එම ගෘහස්ථ ගැස් සිලින්ඩර් ඇතැම් අලෙවි නියෝජිතයන් විසින් පාරිභෝගිකයන්ට ලබා නොදෙන බවට පාරිභෝගිකයන්ගෙන් නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින්ට ලද පැමිණිල්ලක් මත මෙම සොදිසි මෙහෙයුම දියත් කෙරිණ.
ලිට්‍රෝ ගැස් සමාගම විසින් හැටන් ප්‍රදේශයේ ගැස් අලෙවි නියෝජිතයන්ට අලුයම් කාලයේ ගැස් තොග ලොරි රථ මගින් බෙදා හැරිම සිදු කරන අතර, ඇතැම් ගැස් අලෙවි නියෝජිතයන් එම ගැස් තොග ඉතා සුක්ෂම ලෙස ඉන් ඉවත්කරගෙන වෙනත් ස්ථානයක සගවා ගෘහස්ථ ගැස් සිලින්ඩර් සමාගමේ අනුමත මිලට වඩා අධික මිලකට අලෙවි කරන බවයි හැටන් ප්‍රදේශයේ ගැස් පාරිභෝගිකයන් කියා සිටින්නේ.
මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් මෙවැනි වැටලිම් අඛණ්ඩව සිදු කරන බව නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ ස්ථානාධිපති රංග කරුණාරත්න මහතා කියා සිටියේ.