සරත් ෆොන්සේකා ජනපති සටනට

එළැඹෙන ජනපතිවරණය සඳහා තමන්ද අපේක්ෂකයෙක් ලෙස එක්වන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. සිය X ගිනුමෙන් නිල නිවේදනයක් කරමින් ඔහු මේ බව පවසයි.

වසර 76ක් පුරාවට රට පාලනය කළ දේශපාලන පක්ෂ රට බංකොලොත්භාවයට  පත්කල බවත් ශ්‍රී ලංකාවේ ස්වාභාවික සම්පත් ආදායම් උත්පාදනය වෙනුවෙන් යොදා ගත යුතුව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

ශ්‍රි ලංකාව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සියලු ශ්‍රී ලාංකිකයන්ට තමන් සමග එක්වන ලෙසට ආරාධනා කරන බවත් ඉදිරියට යාමට නම් දූෂණය පිටු දැකිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *