සබරගමු මහ සමන් දේවාලයේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කෙරේ

ඓතිහාසික සබරගමු මහ සමන් දේවාල පරිශ්‍රයේ අභිනවයෙන් තැන්පත් කළ ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය සහ පළමු මල් පූජාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදුකෙරුණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ඓතිහාසික සබරගමු මහ සමන් දේවාල පරිශ්‍රයේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කෙරුණු අතර ඊට අදාළ ඉදිකිරීම් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මැදිහත්වීමෙන් සිදුකර තිබේ.

ඒ අනුව අද මෙම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය සහ පළමු මල් පූජාව ද සිදු කෙරුණි.

එහිදී අනුශාසනාවක් කළ සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ සබරගමුව පළාතේ අධිකරණ සංඝනායක අතිපූජ්‍ය කෝම්පිටියේ සුසීල හිමි

“මේ රටේ රජවරු කරගෙන ආ වැව දාගැබ ගම පන්සල සංස්කෘතිය ඔපමට්ටම් කරමින් අනුරාධපුර පුදබිමේ සඳහිරු සෑය නිර්මාණය කරමින් අග්‍රාමාත්‍යතුමා මහා පින්කමක් පසුගියදා සිද්ධ කළා. ඒ මහා පින්කමත් අද මේ රුවන්පුරයට ඇවිල්ලා මේ බුද්ධ ප්‍රතිමාව විවෘත කරමින් සිද්ධ කරගත්ත පින්කමත් හේතු කොට ගෙන අපි හැමදාම ආදරය කරන අපි හැමදාම ගරු කරන අපි හැමදාම විශ්වාසය තබාපු අපේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාට කාය චිත්ත ශක්තිය ලැබේවා! සමන් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා! තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබිලා  තව දවස් තුනකින් උදාවෙන 2022 ජනවාරි 01වැනිදා සිට මේ රට නව මාවතක් කරා ගෙන යන්නට ඔබතුමාට වාසනාව ශක්තිය,ධෛර්ය ලැබේවා! කියලා, මේ රුවන්පුරේ ආසන අටම නියෝජනය කරන ගරුතර මහා සංඝරත්නය මෙතනදී  ප්‍රාර්ථනා කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *