2022 තුන්වන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) 11.8% කින් හැකිලී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කරයි.
ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ දෙවන කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතය 8.4% කින් හැකිලී ගිය බවයි.
ස්ථාවර මිලකට (2015) තුන්වන කාර්තුව සඳහා දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 2,884,018 සිට රු. මිලියන 3,269,510 ක් 2021 වසරේ තුන්වන කාර්තුවේදී වාර්තා විය.
තුන්වන කාර්තුවේදී, සමස්ත කෘෂිකර්ම, කර්මාන්ත සහ සේවා ක්‍රියාකාරකම් පිළිවෙලින් 8.7%, 21.2% සහ 2.6% කින් පහත වැටුණි.
සම්පූර්ණ වාර්තාව: http://www.statistics.gov.lk/NationalAccounts/StaticalInformation/Reports/press_note_2022q3_en