ශ්‍රීලනිපයෙන් සජබ‍ට ගිය ව්‍යාපාරිකයා පහරදී මරලා

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල හිනිදුම ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ සම්පත් ගමගේ නැමැත්තා හෝමාගම පනාගොඩ සිය නිවෙසේදී පහර දී ඝාතනය කර ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ හෝමාගම පනාගොඩ සමගි මාවත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සම්පත් ගමගේ නමැති ව්‍යාපාරිකයෙකි.

ඝාතනයට ලක් වූ පුද්ගලයා ළගින් ඇසුරු කළ බව කියන කාන්තාවක මීට දින කිහිපයකට පෙර මොහු ඝාතනය කරන බවට දුරකතන පණිවිඩ එවා තිබූ බවට අනාවරණය වූ බව ද පොලිසිය පවසයි.

මොහු ඊයේ (17) පනාගොඩ සමගි මාවත නිවෙසේ සිටියදී ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයකු මුගුරකින් හිසට පහර දී බරපතළ තුවාල සහිතව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

ඝාතනය සිදු කළ සැකකරු මෙතෙක් හදුනා ගෙන නොමැත.

මියගිය සම්පත් ගම‍ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල හින්දුම ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කර සති දෙකකට පමණ පෙරදී සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සහයෝගය පළ කිරීමට කටයුතු කර ඇති බව ද නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීහු සහ මීගොඩ පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *