බාලවයස්කාර ගැහැණු දරුවකුට සිය කැමැත්තෙන් ලිංගික සේවනයේ යෙදීමට හැකි වයස 16 සිට 14 දක්වා අඩු කිරීමට අදාළ විධිවිධාන ඇතුළත් පනත් කෙටුම්පත ඉවත් කර ගැනීමට රජය තීරණය කර ඇත.
සමාජ සිවිල් ක්‍රියාකාරීන්ගේ ඉල්ලීම අනුව පනත මෙසේ ඉවත් කරගත් බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
මේ අතර දණ්ඩ නීති සංග්‍රහයේ 19 වැනි පරිච්ජේදය සංශෝධනය කිරීම සඳහා 2024 පෙබරවාරි 09 වැනි දින ගැසට් කර ඇති පනත් කෙටුම්පත වහා අත්හිටුවන්නැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයද අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් පසුගියදා ඉල්ලා සිටියේය