ලංකාව පළමු දිනයේදී ඉදිරියෙන්

බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයට තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ට ලකුණු 314ක් රැස් කරමින් ප්‍රභල ස්ථානයක සිටියි.

ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකරුවන් තිදෙනාම අර්ධ ශතක රැස්කිරිමට සමත්වීම මෙහිදී කැපී පෙනෙන සාධකයක් විය. සීමිත පන්දුවාර නායක කුසල් මෙන්ඩිස් ශතකය අභිමුව දැවි ගියේය.

නිශාන් මධුශංක 57, දිමුත් කරුණාරත්න 86, කුසල් මෙන්ඩිස් 93ක් ශ්‍රි ලංකාව වෙනුවෙන් අර්ධ ශතක රැසකළ අතර දිනේෂ් චන්දිමාල් 34* ධනංජයද සිල්වා 15* නොදැවී පිටියේ රැදී සිටියහ. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 23කට දැවී ගියේය. බංග්ලාදේශය වෙනුවෙන් හසන් මහමුඩ් කඩුල් දෙකක් දවා ගැනීමට සමත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *