රාජ්‍ය ප්‍රසම්පාදනය සඳහා වන නීතිය කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව විසින් ආසියානු සංවර්ධන බැංකුවේ අනුග්‍රහය ඇතිව රාජ්‍ය ප්‍රසම්පාදනය සඳහා වන නීතිය කෙටුම්පත් කිරීම සඳහා ජාත්‍යන්තර උපදේශකයෙකුගේ සහ දේශීය උපදේශකවරුන් දෙදෙනෙකුගේ සේවය ලබා ගෙන ඇත.
ඔවුන් විසින් පිළියෙල කරන ලද මූලික කෙටුම්පත ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව විසින් විදේශීය නියෝජිතායතන, අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා ලබාගෙන තව දුරටත් වැඩි දියුණු කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව, එකී කෙටුම්පත මත පදනම්ව රාජ්‍ය ප්‍රසම්පාදනය සඳහා වන නීතිය කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.