රජයේ පොහොර සමාගම් දෙකේ 278ක් විශ්‍රාම ගන්වයි

රජයට අයත් පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගමේ සහ කොමර්ෂල්  පොහොර සමාගමේ සේවකයින් 278 දෙනකුට ඊයේ(18)  සිට අනිවාර්යය විශ්‍රාම ගැන්වූ බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි

එම පොහොර සමාගම් දෙක මින් ඉදිරියට එක සභාපතිවරයෙක් හා එක අධ්‍යක්ෂ  මණ්ඩලයක් යටතේ එක් ආයතනයක් ලෙස කටයුතු කරනු ඇත.‍ෙඅනිවාර්ය විශ්‍රාම ගැන්වූ  සේවකයින් 278 දෙනා සඳහා  රුපියල් ලක්ෂ 8සිට රුපියල් ලක්ෂ 90ක් දක්වා වන්දි මුදල් හිමි වෙන බව අමාත්‍යාංශය පවසයි.

මෙම වන්දි වැඩසටහන සඳහා  වැය කරන මුලු මුදල රුපියල් මිලියන 863ක් බවද අමාත්‍යාංශය කියයි.

ෙමෙම සේවක විශ්‍රාම වැඩසටහන යටතේ වන්දි ප්‍රදානය කිරීම කිරිබත්ගොඩ  මාකොල ශවින්‍ රෝ හෝටල් ශාලාවේදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත  අමාත්‍ය මහින්ද  අමරවීර  මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *