රංගන ශිල්පිනියකට අතවර කිරීමේ සිද්ධියකට පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

රංගන ශිල්පිනියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පොලිස් පරීක්ෂකවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සේවයේ නිරත පොලිස් පරීක්ෂකවරයෙකි.

සැකකාර පොලිස් පරීක්ෂකවරයා 42 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.

ඊයේ රාත්‍රියේ සැකකාර පොලිස් පරීක්ෂකවරයා විසින් පදවාගෙන ගිය පෞද්ගලික කුලී ත්‍රිරෝද රථයක අතවරයට ලක්වූ බව කියන රංගන ශිල්පිනිය ගමන්කර ඇත.

එහිදී පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී සැකකරු ත්‍රිරෝද රථය නවතා මෙලෙස එම රංගන ශිල්පිනිය අතවරයට ලක්කර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ රංගන ශිල්පිනිය පිළියන්දල පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකාර පොලිස් පරීක්ෂකවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

පිළියන්දල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *