ඊයේ (26) දිනයේදී මෙරටින් කොරෝනා ආසාධිත රෝගීන් 63 දෙනෙක් වාර්තා වීමත් සමගම එම වෛරසය ආසාධිතයින් ගණන 523ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය පවසයි.
මෙම සංඛ්‍යාව එක් දිනක් තුලදී මෙරටින් වාර්තා වූ වැඩිම ආසාධියින් සංඛ්‍යාව වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ.
————————————————————————————————-
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 500 සීමාව ඉක්මවයි (Apr 26, 2020 at 22:38)
මේ වනවිට අද (26) දිනය ඇතුළත කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් 45 දෙනෙකු වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 505ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.