පාර්ලිමේන්තු මැතිවරණය ලබන ජූනි මස 20 දින පැවැත්වීමට දින නියම කිරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් කිහිපයක් අද (11) කැඳවීමට නියමිතව තිබේ. ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේයි. විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන් වන එස්. තුරෙයිරාජා මහතා සහ මුර්දු ප්‍රනාන්දු මහත්මියයි.
පසුගිය මාර්තු මස 2 වැනිදා සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා ගැනීමට අදාළ මැතිවරණය අප්‍රේල් මස 25 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ නමුත් කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමග මහ මැතිවරණය ලබන ජූනි මස 20 වැනි දිනට පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් තීරණයකරන ලදී.
ඒ අනුව පාර්ලිමේන්තු ව විසුරුවා හැරි දිනයේ සිට මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුව සදහා මැතිවරණය පැවැත්විය යුතු බවත්, එසේ නොකිරීම නීතිවිරෝධී හා මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවත් කියමින් විවිධ පාර්ශව පෙත්සම් ගොනු කර තිබුණි. පෙත්සම් කරුවන් වැඩි දුරටත් කියා සිටින්නේ මහමැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙසයි.
පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම, එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ එහි සාමාජිකයන්, ජනාධිපති ලේකම්, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.