උතුරු පලාතේ සහල නැලිය ලෙසින් හැඳින්වෙන මන්නාරම් දිස්ත්‍රීක්කයේ මෙවර මවකන්නයේ වී අස්වැන්නට නිසි කලට පොහොර නොලැබීම හේතුවෙන් අස්වැන්න 50 %කින් පමණ අඩුවෙනු ඇතැයි දිස්ත්‍රීක් ගොවීහු පෙන්වා දෙති.
මන්නාරම පූවර්සන්කුලම් ප්‍රදේශයේ වී අස්වැන්න නෙලීමේ කටයුතු මේ දින වල සිදුවන අතරම එම ප්‍රදේශයේ පිහිටි සියලු කුඹුරු ගොවිතැන්හි වී වගාවන් සඳහා නිසි කලට පොහොර නොලැබීම මත වී අස්වැන්න දැඩි ලෙසින් හානි සිදුවීමෙන් වී බොල් වී ඇති බවටත් ගොවීහු පවසති.
එමෙන්ම වී ගොයමේ මහබණ්ඩි සමයට අවශ්‍ය වූ බණ්ඩි පොහොර නොලැබීම මත වී අස්වැන්න 50 % කින්ම අඩුවීම මත තම වී ගොවිතැන දැඩි ලෙසින් මෙවර මහකන්නයේදී කඩා වැටී ඇතැයි පූවර්සන්කුලම් ගොවීහු වැඩිදුරටත් පැවසූහ.
පවතින වාතාවරනය හමුවේ සමස්ථ මන්නාරම් දිස්ත්‍රීක්කයේම වී අස්වැන්න මෙවර මහක්නනයේදී දැඩි කඩා වැටීමකට ලක්වීම මත ගොවීන් පීඩාවන් රැසකට මුහුණ පා සිටන බවටද මන්නාරම් දිස්ත්‍රීක් ගොවි සංවිධාන වැඩිදුරටත් පෙන්වා දෙති.