“බුරවී” සුළි කුණාටුවේ ගමන් මගෙහි වෙනසක්

“බුරවී” සුළි කුණාටුව අද දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ත්‍රිකුණාමලය ආසන්නයෙන් රට තුලට ඇතුල්වෙන බවට අනාවැකි පළකර තිබුනත්, මේ වනවිට පවතින තත්වය අනුව මෙම පද්ධතිය මුලතිව් ආසන්නයෙන් රට තුලට ඇතුල් විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ මුහුදේ සිට රට තුලට මෙම සුළි කුණාටුව ගමන් කිරීමේදී එය “බ්‍රමණ චලිතයක්” ලෙස පැමිණෙන බැවින් මුහුදු රළ රට තුලට පැමිණිය හැකි බවයි. එමෙන්ම මෙම සුළි කුණාටුව රට හරහා ගමන් කිරීමත් සමගම වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බැවින් ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *