වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට සමගාමිව බස් ගාස්තුව සියයට 2කින් අඩු කිරීමට පියවර ගන්නා බව රජය බස් සංගම් වෙත දැනුම්දී තිබේ.
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල මග නැගුම කාර්්‍යාලයේදී ප්‍රවාහන අමාත්‍යාංශයේ බලධාරීන් සහ බස් සංගම් අතර පැවැති සාකච්චාවකදී මේ බව දැනුම් දී තිබේ.
ජුලි 01 වනදා සිදුකිරීමට නියමිතට වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව පැවැත්විණ.
ඒ අනුව බස් ගාස්තුව 2%කින් අඩු කිරීමට කටයුතු කරන බවත් පළමු සහ දෙවන ගාස්තුවල සංශෝධනයක් සිදුනොවනු ඇති බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව බස් සංගම් වෙත දැනම් දී තිබේ
එම ගාස්තු පසුව ප්‍රකාශයට පත් කරන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව එහිදි දැනුම් දී තිබේ.
කෙසේවෙතත් රජයේ යෝජනාවට බස් සංගම් සිය අප්‍රසාදය පළකර තිබේ.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සකස් කිරීමේදි ඉන්ධන සූත්‍රය ක්‍රියාත්මක නොවූ බවයි.
ඒ අනුව ජූලි මාසයේදි සිදුවන ඉන්ධන සංශෝදනයේදි ඩීසල් මිළ ඉහළ ගියහොත් බස් හිමියන්ට ගැටලු මතුවන බවද ඔහු තවදුරටත් කීවේය.