මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ භාණ්ඩාගාරික දිලී ප රෝෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විශේෂ පොලිස් කණ්‌ඩායම් 20 ක් යොදවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
දිලීප රොෂාන් කුමාර මහතා යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙකුගේ වෙඩි පහරින් පසුගිය 26 දා ජීවිතක්ෂයට පත් විය.
සැකකරුවන් පැමිණි බවට සැක කරන යතුරු පැදිය ඌරුගස් මං හන්දිය, කටවල් පහ ප්‍රදේශයේ බෝක්කුවක් අසල ගිනි තබා විනාශ කර තිබියදී පසුගියදා සොයා ගනු ලැබීය.
යතුරු පැදිය ගිනි තැබීම සඳහා සැකකරුවන් පැමිණි අයුරු කවුරු හෝ දුටුවේද යන්න පිළිබඳව සීසී ටීවී දර්ශන, විශේෂ සුනඛ කණ්ඩායම්, දුරකථන ජාල සන්නිවේදන මාර්ග ඔස්සේ විමර්ශන සිදු කරන බව පොලිසිය පවසයි.
මෙම ඝාතනය කිසියම් කොන්ත්‍රාත්තුවක් අනුව සිදුවූ එකක් විය හැකි බවත් සමහරවිට එය වැරදීමකින් සෞඛ්‍ය පරීක්ෂකවරයා ඉලක්ක වී ඇති බවට සැක පළ කරන බවත් පොලිසිය පවසයි.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ උපදෙස් පරිදි විමර්ශන පැවැත්වේ.