පිල්මාරුව හේතුවෙන් සමගි ජන බලවේගයේ අභ්‍යන්තර අර්බුදයක්

වෙනත් දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සමග එක්වීමත් සමග එම පක්ෂය තුළ අභ්‍යන්තර ගැටලු මතුවී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පසුගිය දින කිහිපය තුළ ම විපක්ෂයේ දේශපාලඥයින් මෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම සමගි ජන බලවේගය හා එක්වුණි.

කෙසේවෙතත් සමගි ජන බලවේගය සමග අලුතින් එක්වන ඇතැම් පිරිස් වෙත මෙතෙක් කල් එම පක්ෂයේ රැඳීසිටි පිරිස් විසින් විරෝධයක් එල්ල වෙමින් පවතින බව වාර්තා වේ.

ඊට මුලික හේතුව වී ඇත්තේ නව මන්ත්‍රීවරුන් එක්වීමත් සමග පාර්ලිමේන්තුව නියෝජනය සඳහා පවතින තරගය උග්‍ර වීම බව සඳහන්ය.

කෙසේවෙතත් සමගි ජන බලවේගය එහි සාමාජිකත්වය ලබා දෙමින් පක්ෂය සමග එක් කරගෙන ඇත්තේ ජයරත්න හේරත්, චන්දිම වීරක්කෝඩි, ශාන් විජයලාල් සහ දයාශ්‍රිත තිසේරා යන මන්ත්‍රීවරුන් පමණක් බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී සමගි ජන බලවේගයේ ප්‍රබල මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ, විවිධ මතවාද පැවතුනද ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳීමට තම පක්ෂය කටයුතු කරමින් සිටින බවය.

ඉදිරියේ දී තවත් ප්‍රබල මන්ත්‍රීවරුන් තම පක්ෂය හා එක්වනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

මේ වන විටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවතින බව එම මන්ත්‍රීවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *