පාසැල් විවෘත වන දින තීරණය කෙරේ, උසස් පෙළ සැප්තැම්බර් 7 වැනිදා

පාසල් නිවාඩු කාලය ජුනි මස 29 න් අවසන් කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඒ අනුව පාසල් ආරම්භ කිරීම පියවර 4කින් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

ජුනි මස 29 වනදා පාසල ආරම්භ වන්නේ විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට සහ අනධ්‍යනය කාර්ය මණ්ඩල සඳහා පමණක් වන අතර, ළමුන් සඳහා පාසල් විවෘත වන්නේ ජුලි මස 06වනදා සිටයි.

එහිදි 13 වසර 11 වසර සහ 5 වසර සිසුන්ට පාසලට පැමිණිමට අවසර ලැබෙනු ඇත.

ජූලි 20 වනදා සිට 12 සහ 10 ශ්‍රේණිවල සිසු සිසුවියන් සඳහා පාසල ආරම්භ වේ.

ජූලි 27 වනදා සිට 3,4,6,7,8 සහ 9 ශ්‍රේණිවල සිසු සිසුවියන් සඳහා පාසල ආරම්භ වේ.

ප්‍රාථමික වසරවල දරුවන් පාසලට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් පසුව තීරණය කරනු ලැබේ.

10,11,12,13 ශ්‍රේණි සඳහා පාසල උදෑසන 7.30 සිට පස්වරු 3.30 දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම්දෙයි.

3,4 ශ්‍රේණි සඳහා පාසල උදෑසන 7.30 සිට උදෑසන 11.30 දක්වා පැවැත්වෙන අතර 5 ශ්‍රේණිය සඳහා පාසල මධ්‍යහ්න 12.00 දක්වා පැවැත්වේ.

මේ අතර 5 වසර ශිෂ්‍යත්ව විභාගය ලබන සැප්තැම්බර් 13 වන ඉරිදා දිනයේදී පැවැත්වීමට තීරණය කර තිබෙන අතර අ.පො.ස උසස් පෙළ විභාගය සැප්තැම්බර් මස 7 වන දින සිට ඔක්තෝබර් 2 වන දින තෙක් පැවැත්වීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *