කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කර නිශ්චිත ප්‍රතිඵල පෙන්වීමට අවශ්‍ය මඟපෙන්වීම් සිදුකරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
මෙතෙක් පැවති කෘෂිකාර්මික වැඩසටහන් මෙන් අතරමඟ නතර නොවී මෙම වැඩසටහන නිසි පරිදි ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ලේකම්වරයා සඳහන් කර ඇත.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී පැන නැගිය හැකි ගැටලු අදාළ රේඛීය ආයතන හා සම්බන්ධ වී කඩිනමින් විසඳා ගැනීමට කටයුතු කරන ලෙස ද ඒ මහතා දැනුම් දී තිබේ.
ජනාධිපති කාර්යාලයේ පැවති කෘෂිකාර්මික අංශය නවීකරණය පිළිබඳ පළාත් ප්‍රධානීන්, දිස්ත්‍රික් ප්‍රධානීන් සහ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26ක ප්‍රධානීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.