දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට මි.මී 50ක පමණ තද වැසි ඇති විය හැකි බවය.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක සවස 2න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය.

උතුරු පළාතේ අහස වලාකුළින් බරව පවතී.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැ.කි.මී 40 – 50ත් අතර වැඩි විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *