දිනකට සිදු කරන PCR පරීක්ෂණ ගණන 3,000 දක්වා වැඩිකිරීමට පියවර

ඊයේ පස්වරු 5.00 න් අවසන් වූ 24ක කාලය තුළ දිවයින තුළ PCR පරීක්‍ෂණ 1,553 ක් සිදුකළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පවසයි. මේ අතර ඊයේ (27) දිනයේ සිට මඩකලපුව ශික්‍ෂණ රෝහලෙන්ද PCR පරීක්‍ෂණ සිදුකිරීම ආරම්භ කර තිබේ.

කොරෝනා රෝගීන් හදුනා ගැනෙන PCR පරීක්‍ෂණ සදහා විශ්ව විද්‍යාල පද්ධතියෙන් උපරිම දායකත්වයක් ලබාදීමට පියවර ගනිමින් සිටින අතර, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරන්නේ ඉන් වැඩිම දායකත්වයක් ලබා දී ඇත්තේ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණ ආයතනයෙන් බවයි.

මේ අතර අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කරන්නේ මේ මස අවසන් වනවිට දිනකට සිදු කරන PCR පරීක්‍ෂණ සංඛ්‍යාව 3,000 දක්වා වැඩි කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *