පුරා දින 10ක් පුරා පැවැති සිරි දළදා වන්දනාව කලින් නියම කර ගත් පරිදී අනිද්දායින් (27) අවසන් කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා පැවැසීය.
දළදා මාලිගාවේ අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී දියවඩන නිලමේවරයා මේ බව පැවැසීය. මෙහිදී අදහස් දක්වමින් දියවඩන නිලමේ නිලංගදෑල මහතා මෙසේ ද පැවැසීය.
දළදා වන්දනාව සඳහා දෛනිකව සැලසුම්කරගත් ප්‍රමාණයට වඩා විශාල බැතිමතුන් පිරිසක් පැමිණ තිබෙනවා. දළදා වන්දනාව අට වන දිනය වූ ඊයේ (24) දිනත් බැතිමතුන් විශාල පිරිසකගෙන් මහනුවර පුරවරය පිරි තිබෙනවා. බැතිමතුන් වැඩි වීමත් සමග වන්දනා කරගැනීමට හැකි කාලය අඩුවක් තිබෙනවා. මේ වන විට විශාල ජනකායක් මහනුවර අවට රැඳී සිටීම නිසා පාරිසරික වශයෙන් මෙන්ම සනීපාරක්ෂක වශයෙන් පහසුකම් දෙන්න අවහිරතාවක් පවතිනවා.
ශ්‍රී ලංකා පොලිසිය, යුද හමුදාව, සෞඛ්‍ය අංශ නගර සභාව මධ්‍යම පළාත් සභාව විශාල සේවාවක් ඉටු කරනවා. අප එය අගය කරනවා. අම්පිටිය පාර කටුගස්තොට පාර යන ප්‍රදේශවල මේ වන විට විශාල ජනකායක් රැඳී සිටිනවා. එම ප්‍රදේශවල සිටින ජනතාව, වෙළෙඳ ප්‍රජාව විශාල සේවාවක් කළා. අප ඔවුන්ගේ එම සේවාව අගය කරනවා.
ජනාධිපති අනුරකුමාර දිසානයක මහතා ඊයේ (24) පෞද්ගලිකවම මහනුවරට පැමිණ මල්වතු – අස්ගිරි මහා නාහිමිපාණන් වහන්සේලාත් දියවඬන නිලමේ හැටියට මාවත් මුණ ගැසිලා සාකච්ඡා කළා.
ඒ අනුව කලින් නියම කරගත් පරීදි ශ්‍රී දළදා වන්දනාව අනිද්දා (27) දක්වා පමණක් පැවැත්වීමටත් හෙට දිනයෙන් දළදා වන්දනාව අවසන් කිරීමටත් තීරණය කළා යැයි ද දියවඩන නිලමේ නිලංග දෑල මහතා පැවැසීය.