හංවැල්ල ප්‍රදේශයේදී වෑන් රථයකින් ගමන් කළ පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අතුරුගිරිය ප්‍රදේශයේ දී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත දකුණු අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ.
සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දැනට ඩුබායි හි රැදී සිටින සමරප්පුලිගේ චමින්ද බුද්ධික නොහොත් චමී යන අයගේ ගෝලයෙකු බව ද පොලීසිය පැවසීය.
චමී යන පුද්ගලයා විසින් වෑන් රථයේ ගමන් කළ පුද්ගලයාගෙන් කප්පම් මුදලක් ඉල්ලා ඇති අතර එම කප්පම් මුදල් ලබා නොදීම හේතුවෙන් ඔහුගේ ගෝලයින් ලවා එම අපරාධය සිදුකර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.