ට්‍රම්ප්ට නොබෙල් සාම තෑග්ග?

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාලය වෙනුවෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම යෝජනා වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඒ, ට්‍රම්ප් මැදිහත් වී ඉන්දු පාකිස්තාන යුද ගැටුමත්, ඊශ්‍රායල ඉරාන යුද ගැටුමත් සටන් විරාමයකින් අවසන් කළ බැවිනි.

ඇමෙරිකා ජනාධිපතිවරයා මේ වනවිට සිටින්නේ නෙදර්ලන්තයේ හේග් නුවරය. ඒ, නේටෝ සංවිධානයේ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වෙමිනි. නේටෝ යනු උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයයි. ඇමෙරිකාව එහි පුරෝගාමියෙකි.

දින 12 ක් තිස්සේ පැවැති ඊශ්‍රායල ඉරාන යුද ගැටුම අවසන් කිරීමට ට්‍රම්ප් මැදිහත් වීම, නේටෝ නව මහ ලේකම්වරයා වන මාර්ක් රූට්ගේ පැසසුමට හේතුවක් වී ඇතැයි ද පැවැසෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *