ජමෙයිතුල් උලමා සභාපතිගෙන් පාස්කු කොමිසමට පාර්සල් කළ වටලප්පන්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවට සාක්ෂි දීමට ඊයේ (10) පැමිණි සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි මුෆ්ති කිසියම් ආකාරයක පාර්සල් කිහිපයක් එම කොමිසම තුළට රැගෙන ගොස් ඇත. පසුව අනාවරණය වී ඇත්තේ එම පාර්සල්වල තිබී ඇත්තේ වටලප්පන් බවයි.

සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි මුෆ්ති කොමිසම තුළට බාහිරින් ආවරණය කරන ලද පාර්සල් කිහිපයක් රැගෙන යන අයුරු මාධ්‍යවේදීහු නිරීක්ෂණය කර ඇති අතර කොමිසම් සභාව ඉදිරිපිට සේවයේ නියුතුව සිටි පොලිස් නිලධාරීන්ගෙන් සිදුකළ විමසීමකදී කියා සිටියේ එම පාර්සල් පරීක්ෂාවට ලක් කළ බවත්, එහි වටලප්පන් තිබෙන බව නිරීක්ෂණය වූ බවත්ය. ප්‍රශ්ණ කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ එම පාර්සල් “කොමිසම් සභාවේ නිලධාරීන්ට දීමට රැගෙන යන බව” යි.

කෙසේ වෙතත් අනතුරුව මාධ්‍යවේදීන්ට නිරීක්ෂණයවී ඇත්තේ අදාළ පාර්සල් ජමෙයිතුල් උලමා සංවිධානයේ සභාපතිවරයා පැමිණි මෝටර් රථයටම යළි දමාගන්නා ආකාරයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *