ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කළ විශේෂ දේශනය – 2022-03-16

අතිපූජ්‍ය මහා සංඝරත්නය, අන්‍ය ආගමික පූජකතුමනි, මව්වරුනි, පියවරු සහෝදරවරුනි, සහෝදර සහෝදරියනි, ආදරණීය දරුවනේ, මිතුරු මිතුරියනි.

මම අද ඔබ අමතන්නේ අභියෝගාත්මක අවස්ථාවකයි.

අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය සහ මිල වැඩිවීම ගැන මම හොඳින් දනිමි. ගෑස් හිඟය, ඉන්ධන හිඟය, විදුලිය විසන්ධි කිරීම වැනි කාරණා ගැනත් මම දන්නවා. පසුගිය මාස දෙකක කාලය තුළ ජනතාවට අත්විඳින්නට සිදු වූ බොහෝ දුක් කම්කටොළු පිළිබඳව ද මම ඉතා සංවේදී වෙමි. මෙම තත්ත්වයන් සම්බන්ධයෙන් අප කළ හැකි උපරිම උත්සාහයන් දැරුවද අපගේ පාලනයෙන් ඔබ්බට ගිය හේතු නිසා මෙම තත්ත්වය දිගටම පවතිනු ඇති බව මම දනිමි.

මා ගන්නා ක්‍රියාවන්හි වගකීම මම බාර ගනිමි. අද ජනතාව අත්විඳින අපහසුතාවලට විසඳුම් සෙවීමට දැඩි තීරණ ගැනීමට මම අධිෂ්ඨාන කරගෙන සිටිනවා. එයට සහය වීමට ජාතික ආර්ථික සභාවක් සහ උපදේශක කමිටුවක් මම පත් කර තිබෙනවා. මේ හරහා මම ගන්නා තීරණ ක්‍රියාත්මක වෙනවද කියලා මම නිරතුරුවම නිරීක්ෂණය කරනවා. ඒ නිසා මුලින්ම ජනතාව වෙනුවෙන් මම කරන ක්‍රියාමාර්ග ගැන විශ්වාසය තියන්න කියලා මම ඉල්ලා සිටිනවා.

ජනතාව මුහුණ දෙන දුෂ්කරතා මම හොඳින් දනිමි. කුරිරු ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ පෙරමුණ ගත් සෙබළුන් සහ යුද්ධයෙන් විපතට පත් අහිංසක සිවිල් වැසියන් මුහුණ දෙන සියලු දුෂ්කරතා හොඳින් අවබෝධ කර ගැනීමට සහ කළමනාකරණය කිරීමට මට හැකි විය.

පවතින අර්බුදකාරී තත්ත්වයෙන් පීඩාවට පත් වූ ලෝකයේ එකම රට අපේ රට පමණක් නොවේ. මුළු ලෝකයම විවිධ දුෂ්කරතාවලින් ගිලී ඇත. Covid-19 වසංගතය නිසා ඇති වූ නැව් ගාස්තු වැඩිවීම, භාණ්ඩ මිල ඉහළ යාම සහ ඇතැම් භාණ්ඩවල හිඟය යන සියල්ල අපගේ පාලනයෙන් ඔබ්බට ය. නමුත් අපි ජනතාව වෙනුවෙන් සහනදායි ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

මේ අර්බුදය මම නිර්මාණය කළ එකක් නෙවෙයි. මේ අර්බුදය නිර්මාණය කිරීමට දායක වූ අය අද ජනතාව ඉදිරියේ රජය විවේචනය කරන විට මම උත්සාහ කරන්නේ මේ අර්බුදය වහා විසඳා ජනතාවට සහන සැලසීමටයි.

මෙවැනි අර්බුදකාරී අවස්ථාවක රටක දේශපාලකයන්ගේ සහ බුද්ධිමතුන්ගේ වගකීම වන්නේ සාමූහිකව ප්‍රශ්නවලට විසඳුම් සෙවීමයි.

වත්මන් ප්‍රශ්නවලට මූලික හේතුව අපේ විදේශ විනිමය අර්බුදයයි.

රුපියල පාවීමට පෙර මේ වසරේ අපේක්ෂිත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 12 කි. පසුගිය මාස දෙකේ දත්තවලට අනුව මේ වසරේ ආනයන වියදම ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 22ක් අපට දැරීමට සිදුව තිබෙනවා. ඒ අනුව මෙමගින් ඩොලර් බිලියන 10 ක වෙළඳ හිඟයක් ඇතිවේ.

මෑත දත්ත වලට අනුව, මේ වසරේ අපට සංචාරක ව්‍යාපාරයෙන් මෙන්ම තොරතුරු තාක්‍ෂණය වැනි අපනයන සේවාවලින් ද, විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණවලින් ඩොලර් බිලියන 2 ක් පමණ ද ලැබෙනු ඇත. ඒ අනුව වෙළෙඳ හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක් වනු ඇත.

මේ අතර ඩොලර් බිලියන 6.9ක් මේ වසරේ ණය වාරික සහ ස්වෛරීත්ව බැඳුම්කර වශයෙන් ගෙවීමට සිදුවේ. එවිට ඩොලර් බිලියන 11.9 ක හිඟයක් ඇති වෙනවා.

අනෙකුත් ප්‍රදාන සහ ආයෝජන වලින් ඩොලර් බිලියන 2.5ක් උපයා ගැනීමට අපි බලාපොරොත්තු වෙමු. ඒ අනුව ඩොලර් බිලියන 9.4ක මුළු විදේශ විනිමය හිඟයක් පවතිනවා.

කෙසේ වෙතත්, රුපියල පාවෙන විට අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 13 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙමගින් ආනයන වියදම ද ඇමෙරිකානු ඩොලර් බිලියන 22 සිට ඩොලර් බිලියන 20 දක්වා අඩු වේ. එහෙම වුණොත් වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 7 දක්වා අඩු කරන්න පුළුවන්. අපි ඉලක්ක කළ යුත්තේ මෙම ඉලක්කයයි.

අපනයන සේවා සැපයීමෙන් ඩොලර් බිලියන 4 ක් සහ විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 5 ක් ප්‍රේෂණ අපේක්ෂා කළ හැකිය. ඒ අනුව අපේ වෙළෙඳ හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4ක් වෙනවා.

මේ හිඟය පියවාගෙන විදේශ විනිමය සංචිත වැඩිකර ගැනීමට අප කටයුතු කළ යුතුයි.

ඒ සඳහා අපි ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ මෙන්ම අපේ හිතවත් රටවල් සමඟ අපගේ ණය වාරික ආපසු ගෙවීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපේ රටට හිතකර නව ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය විවිධ පාර්ශ්ව සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඊයේ පැවති සාකච්ඡාව ද මේ සඳහා පැවැත්වුණා.

එම සාකච්ඡා හරහා අපගේ වාර්ෂික ණය වාරික, ස්වෛරීත්ව බැඳුම්කර ආදිය ගෙවීමට ක්‍රමයක් සොයා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කළ සාකච්ඡාවලින් පසුව, වාසි සහ අවාසි පිළිබඳව සොයා බලා ඔවුන් සමඟ කටයුතු කිරීමට මම තීරණය කළා.

පහුගිය කාලේ මම ගත්ත සමහර තීන්දු තීරණ නිසා ආනයන වියදම් විශාල වශයෙන් පාලනය කර ගන්න පුළුවන් වුණා. මේ ප්‍රශ්නය අපි කලින් දැකපු නිසා අපි මීට අවුරුදු දෙකකට කලින් වාහන ගෙන්වීම අත්හිටෙව්වා. ඊට අමතරව අපි දේශීය කර්මාන්ත දිරිමත් කළා. එමෙන්ම අත්‍යවශ්‍ය නොවන ආහාර ද්‍රව්‍ය රැසක් ආනයනය කිරීම නවතා එම භෝග අපේ රටේම වගා කිරීමට පියවර ගත්තා. එම වැඩපිළිවෙළේ සාර්ථක ප්‍රතිඵල අපට දැන් දැකගත හැකිය.

ආනයන වියදම් පාලනය කිරීමේදී අප මුහුණ දෙන බරපතළම ප්‍රශ්නය වන්නේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමයි. සාමාන්‍යයෙන් අපේ ආනයන වියදමෙන් සියයට 20කට වැඩි ප්‍රමාණයක් වැය වන්නේ ඉන්ධන මිලදී ගැනීමටයි. පසුගිය මාස කිහිපය තුළ පමණක් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල දෙගුණයකටත් වඩා ඉහළ ගොස් තිබේ. අපේ රටේ ඉන්ධන මිල ඉහළ යාම නොවැළැක්විය හැකි හේතුව මෙයයි. අපේ රටේ ඉන්ධන බහුලව භාවිතා වන n

Leave a Reply

Your email address will not be published. Required fields are marked *