ගෙවුණු මාස 07ට ’’අයිස්’’ කිලෝ 1402ක් අත්අඩංගුවට

මේ වසරේ ජනවාරියේ සිට ඊයේ (11) දක්වා රට පුරා කළ වැටලීම් වලින් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 934.55ක ප්‍රමාණයක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1402.976ක් සහ ගංජා මත්ද්‍රව්‍ය කිලෝ 11620.068ක් අත්අඩංගුව ගෙන ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය කියයි.

මෙම වැටලීම්වලදී හෙරොයින් සම්බන්දයෙන් පුද්ගලයන් 39627ක් ද අයිස් මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් පුද්ගලයන් 47 615ක් ද ගංජා සම්බන්දයෙන් පුද්ගලයන් 42620ක් ද අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකරකම් මර්දනය කිරීම අරමුණු කර ගෙන මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ වන විට දෛනිකව  පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා  හමුදාව එක්ව සිදු කරනු ලබන දෛනික මෙහෙයුම් මාලාවේ   සිදු කළ මෙහෙයුම් මගින් මත්ද්‍රව්‍ය සම්බන්දව පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ  දිනය පුරා  පොලිසියේත්, පොලිස් විශේෂ කාර්ය බලකායේත් හමුදාවේත් 7185 දෙනෙකු සම්බන්ධ වී මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් සිදු කර ඇත. එහිදී පුද්ගලයන් 28858 දෙනෙක් පරීක්ෂාවට ලක් කෙරුණු අතර වාහන 11162ක්ද යතුරු පැදි 9054ක ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කර ඇත.

එකී වැටලීම් වලදී මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් පුද්ගලයන් 975 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 21 දෙනෙකුද වරෙන්තුකරුවන් 422 දෙනෙකුද අත්අඩංගුවට පත්ව ඇත.

නීති විරෝධී ගිනි අවි 5ක්ද අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම මෙකී මෙහෙයුම් අතරතුරදී මහාමාර්ගයේ රථවාහන වැරදි සම්බන්දයෙන්ද මෙහෙයුම් පුළුල් කර ඇති අතර ඒ අනුව බීමත් රියදුරන් 118ක සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. එමෙන්ම අපරීක්ෂාකාරී රිය ධාවනය ඇතුළු රථවාහන වෙනත් වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් 3595ක් සදහාද  පොලීසිය මගින් නෛතික පියවර ගෙන ඇත.

ඒ අනුව  මත්ද්‍රව්‍ය තුරන් කිරීම සදහාත් සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ක්‍රියා කලාපය මර්දනය කිරීම සදහාත්  රිය අනතුරු අවම කිරීම සදහාත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ අධීක්ෂණය මත   පොලීසියේත් හමුදාවේත් සහභාගීත්වයෙන් මෙහෙයුම් අඛණ්ඩව විශාල වශයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින බව අමාත්‍යංශය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *