කොවිඩ් රෝගීන්ගේ ව්‍යාප්තිය සැලකිල්ලට ගත් විට කොළඹ නගරයේ ආසාදිතයින් ගණන 30,000ක් පමණ විය හැකි බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසා සිටියි. කොළඹ නගරය තුළ අහඹු ලෙස සිදුකළ PCR පරීක්ෂණ 400 කින් 19 දෙනෙක්ම ආසාධිතයින් බවට තහවුරු වූ බවත්, එය ප්‍රතිශතයක් ලෙස 5%ක් අගයක් ගන්නා බවත් ඒ මහතා කියා සිටියි.
මෙම ප්‍රතිශතය ට අනුව කොළඹ නගර සභා බලප්‍රදේශය තුළ ලක්ෂ 6ක් වන දෛනික ජන ඝනත්වයද සැලකිල්ලට ගත් විට 30,000ක් පමණ ආසාදිතයින් කොළඹ සැරිසරන බවට අනුමාන කළ හැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.