කොස්ගොඩ තාරකගේ අනියම් බිරිඳට නිදහස

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ තාරක නැමැත්තාගේ අනියම් බිරිඳ බව කියන කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් එල්ල වී තිබූ චෝදනාවකින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා එම නියෝගය ලබාදුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් 2019 වසරේ නොවැම්බර් මාසයේ දිනක දී රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී හෙරොයින් කිලෝග්‍රෑම් 05ක් සමඟ මෙම සැකකාරිය සහ සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

කෙසේ වෙතත් සිද්ධියට අදාළ ව අධිකරණයට ඉදිරිපත් වූ සාක්ෂි අනුව එවැනි වැටලීමක් සත්‍ය වශයෙන් සිදු කළේ ද යන සැකය හා ඒ සම්බන්ධයෙන් බලවත් ගැටලුවක් තම අධිකරණයට පවතින බව පවසමින් මහාධිකරණ විනිසුරුවරයා ඔවුන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියම කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *