කුරුණෑගල පිරමිඩ වංචාකාරයන්ට රටයාම තහනම් කරයි

ජනතා මුදල් රුපියල් කෝටි දාහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන කුරුණෑගල “රයිඩ් ටූ ත්‍රී ෆ්‍රීඩම්” (Ride to Three Freedom) නොහොත් R3F පිරමීඩාකාර සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.

“R3F”සමාගමේ මෘදුකාංගය (ඇප් එක) නිර්මාණය කළ ඉරුගල් බණ්ඩාර,නාගොල්ලාගම පදිංචි සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ මධුසංක අත්තනායක,වෙළඳ කළමනාකාර අයි.එම්. අජන්ත,අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වන හෝමාගම නිමලරත්න ජයසිංහ,කුලියාපිටියේ ඩී.පී රෝහිනි ,හා ඩබ්ලිව් එම් නිමල් ශාන්ත සැකකරුවන්ට මෙම විදෙස් ගමන් තහනම නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඔවුන්ගේ දුරකථන දත්ත වාර්තා වහාම කැඳවන ලෙසට පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට නියෝග කරමින් දන්වා සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයසුන්දර මහතා ඇතුළු විමර්ශන නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *