කල්මුණේ කේන්ද්‍ර කරගත් අන්තවාදී සංවිධානයක තොරතුරු හෙළිවේ

කල්මුණේ ප්‍රදේශය ආශ්‍රිතව සංවිධානය වන අන්තවාදී මුස්ලිම් සංවිධානයක තොරතුරු හමුදා බුද්ධි අංශ මගින් හෙළිකර ගෙන ඇති බවට වාර්තාවේ.

මෙම සංවිධානයේ නායකයා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරී වෛද්‍යවරයෙක් වන අතර ඔහු නමින් කලන්දර් ලෙබ්බෙ මොහොමඩ් ලෙස හදුන්වයි. මෙම සංවිධානයේ නම සුපර් මුස්ලිම් ලෙසින් හඳුන්වන බවට වාර්තා වී ඇත.

මෙම සංවිධානයේ නායකත්වය දරන කලන්දර් දැනට කල්මුණේ ප‍්‍රදේශයේ පදිංචි නිවසේ මෙන්ම පොතුවිල් හා මාතර ප‍්‍රදේයේද අන්තවාදී දේශන සිදුකරන අතර, ශරියා නීතිය අනුව පාලනයක් පවත්වාගෙන යෑම මොවුන්ගේ අරමුණයි.

මෙම සංවිධානයේ සාමාජිකයන්ට සිය පවුලේ සාමාජිකයින් හා ඥාතීන් සමග සම්බන්ධතා පැවැත්වීම තහනම් අතර, වෛද්‍ය කාන්තාවන්ට නිවෙස් වලින් පිටවීමද තහනම් කර තිබේ.

මෙම සංවිධානයේ මේ වන විට ක‍්‍රියාකාරී සාමාජිකයන් 300 පමණ සිටින බවටත්, මේ හා සම්බන්ධ 1000 කට ආසන්න පිරිසක් කටයුතු කරන බවටත් හමුදා බුද්ධි අංශ වෙත වැඩි දුරටත් තොරතුරු වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *