කමින්ස්ගේ වාර්තාව ස්ටාක් කඩයි

IPL වෙන්දේසියේ මේ දක්වා හිමිවූ වැඩිම මුදලේ වාර්තාව බිඳ දැමීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩක මිචෙල් ස්ටාක් සමත්විය.

ඒ අනුව මෙවර IPL වෙන්දේසියේ සුපිරි ඔස්ට්‍රේලියානු ක්‍රීඩක මිචෙල් ස්ටාක් ඉන්දීය රුපියල් කෝටි 24.75කට අලෙවි විය.

ඔහුව මිලදීගත්තේ කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායමයි.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක සුපිරි ක්‍රීඩක පැට් කමින්ස් මෙවර IPL වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 20.5කට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම මිලදී ගත්තේය.

එම මුදල ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.9කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *