යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසුවේ,කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 867 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගත් බවයි.
ඊයේ දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,913ක් වේ.
එය මේ දක්වා දිනක් තුළ මෙරටින් වාර්තා වු වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන වේ.
ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 967ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය 98,209ක් වේ.