ඉන්දියාව ලකුණු 43ක ජයක්

ඉන්දිය පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් සිය කඩුලු පූජා කිරිමේ වරද හේතුවෙන් දෙරට අතර පැවැති පළමු විස්සයි20 තරගයෙන් ඉන්දීය කණ්ඩායම 888 ජයක් වාර්තා කිරිමට සමත්වූහ.

ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක (ලකුණු 79 පන්දු 48) මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 140දි (පන්දුවාර 14.1)  දෙවැනි කඩුල්ල ලෙස  පිටියෙන් ඉවත්වන විට ශ්‍රී ලංකාව පන්දුවාරයකට ලකුණු 10ක වේගයක් රදවා ගනිමින් තරගය දෙපිළටම විවෘත කර තිබුණි.

කෙසේ වෙතත් ඉන් අනතුරුව කුසල් පෙරේරා 20 (මුලු ලකුණු 149), චරිත් අසලංක 0 (මුලු ලකුණු 158), දසුන් ශානක 0 (මුලු ලකුණු  160), කමිඳු මෙන්ඩිස් 12 (මුලු ලකුණු 161), වනිඳු හසරංග 2 (ලකුණු 163), මතීෂ පතිරණ 6 (මුලු ලකුණු 170), මහීෂ් තීක්ෂණ 2 (මුලු ලකුණු 170)   ලෙස ඉනිමට තවත් ලකුණු 30ක් එක්වන විට කඩුලු 8ක් දැවි ගියේය.

ඒ අනුව ඉන්දියාව ලකුණු 43ක ජයක් හිමිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *