ඉදිරි පැය 36 තුළ වැසි තත්වයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවට පස්වරු 1.00 පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් කාල-ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ (25) පස්වරුවේ නිවේදනය කළේය.

මධ්‍යම, ඌව සහ උතුරු මැද පළාත්වලත් සහ වවුනියාව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇති වියහැකි බවත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණුවලින් වියහැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එම දෙපාර්තමේනකතුව කියයි.

මධ්‍යම සහ ඌව පළාත්වල මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ මීදුම් සහිත තත්වයක් පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තවේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *