ආරුමුගන් තොණ්ඩමාන් වෙනුවට ජීවන් තොණ්ඩමාන්

අභාවප්‍රාප්ත ආරුමුගන් තොණ්ඩමාන් මහතා වෙනුවෙන් ඉදිරි මහමැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ජීවන් තොණ්ඩාමන් මහතාට නාම යෝජනා ලබා දෙන ලෙස කම්කරු කොංග්‍රසයේ උප සභාපති, සෙන්දිල් තොණ්ඩමාන් මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙම තීරණය සම්බන්ධයෙන් එම පක්ෂයේ සාමාජිකයින් අද විජේරාමේ පිහිටි නිල නිවසේදී අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කර තිබෙන අතර, එහිදී ආරුමුගන් තොණ්ඩමාන් මහතා වෙනුවට ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමාන් මහ මැතිවරණයට ඉදිරිපත් කිරීමට ගත් තීරණය අග්‍රාමාත්‍යවරයා එහිදී අගය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බව ද සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *