අරලියගහ

අරලියගහ මන්දිරය හුදෙකලා කරලා – අගමැති මාධ්‍ය ලේකම්ගේ බොරුවට බැසිල්ගේ විරෝධය

අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරය මේ වන විට හුදෙකලා කිරීමකට ලක්කර ඇති බවත් එහි සේවකයන් නිවසේ සිට රාජකාරී කිරීමට යොදවා ඇති බවත් ඒ තුළ රාජකාරි කටයුතු සිදු නොවන බවත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

සන්ඩේ ටයිම්ස් පුවත්පතට අදහස් පළකරමින් ඔහු පෙන්වා දී ඇත්තේ අරලියගහ මැදුර ලොක්ඩවුන් කර නැතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් වරයා විසින් නිකුත් කර ඇති නිවේදනය සත්‍යය නොවන බවයි.

මෙවන් අසත්‍ය ප්‍රකාශ නිසා අගමැතිවරයා පවා හාස්‍යයට ලක්වන බවද පෙන්වා දී ඇති බැසිල් රාජපක්ෂ මහතා කිසිදු කරුණක් සැඟවීමට උවමනා නැති බවත් රොහාන් වැලිවිට මහතා මේ ආකාරයෙන් අසත්‍ය ප්‍රකාශ කිරීමට කිසිදු අයිතියක් නැති බවත් සඳහන් කර තිබෙනවා.

තමන්ද අරලියගහ මැඳුරේ කාර්යාලයක කටයුතු කරන බව නිවේදනයේ ඇතත් එවන් කාර්‍යාලයකින් එහි නොමැති බවද පවසන රාජපක්ෂ මහතා තමන් පසුගිය දින කිහිපය පුරාම රැස්වීම් පැවැත්වූයේ වෙනත් ස්ථානවල බවද කියා සිටිනවා.

රොහාන් වැලිවිට මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *