අයි සී සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශූරයන්ට පිරිනැමෙන ත්‍යාග මුදල් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව පළමුවරට සංවිධාන කරන මෙම තරගාවලියේ ශූරයන්ට අමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක මුදලක් හිමිවන බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.
එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 31 කට අධික වේ.
අනුශූරයින්ට අමෙරිකානු ඩොලර් අට ලක්‍ෂයක් හිමිවන අතර ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය හිමිකර ගන්නා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් හාර ලක්‍ෂ 50,000 ක් හිමිවනු ඇත.
ප්‍රසාද ලකුණු සටහනේ සිව් වන ස්ථානය හිමිකර ගන්නා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් තුන් ලක්‍ෂ 50,000 ක් සහ 5 වන ස්ථානය හිමිකර ගන්නා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් දෙලක්‍ෂයක් හිමි වේ.
කණ්ඩායම් 9 ක් සහභාගි වූ ලෝක ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සෙසු කණ්ඩායම් සදහා අමෙරිකානු ඩොලර් ලක්‍ෂය බැගින් පිරිනැමීමට නියමිතය.
ඒ අනුව එම සටහනේ 8 වන ස්ථානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් ලක්‍ෂයක් හිමි වනු ඇත.
අයි සී සී ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය ලබන 18 වනදා ඉන්දියාව සහ නවසීලන්තය අතර එංගලන්තයේ සවුත්හැම්ටන්හිදී ආරම්භවීමට නියමිතව තිබේ.